Thursday, September 29, 2011

අවසරයි සමුදෙන්න.....


ඔව් ඒ හරියටම 2008 අවුරුද්දෙ ඔක්තෝබර් මාසෙ 24 වෙනිදා.  ජීවන ගමන් මගේ අමතක නොවන මතක වලින් පිරුණු කාලපරිච්ඡේදයක පළවෙනිම දවස..... ඒ කිව්වෙ මම හා හා පුරා කියල කැම්පස් ආව දවස.

විශ්වවිද්‍යාල වරම් හිමිවුනේ තෙවන වතාවෙ උසස් පෙළ ප්‍රතිඵල වලින්. පළමු වරත් දෙවන වරත් ප්‍රතිඵල ගැන නම් කථා කරල වැඩක් නෑ. මොකද ඒ දෙකේම ප්‍රතිඵල වලින් කැම්පස් යනව තියා කැම්පස් යාමේ මූලික සුදුසුකම්වත් සපුරගන්න බැරිවුන නිසා. ඒ කිව්වෙ ඉතිං ඒ දෙකම අසමත් කියන එක තමයි. ඒත් තුන්වෙනි පාර නැත්නම් ලාස්ට් චාන්ස් එකෙන් විභාගෙත් ගොඩදාගෙන කැම්පස් යන්නත්  මම  වාසනාවන්ත උනා. මාව තේරුනේ සිරිලංකාවෙ දකුණු කොනේම සුන්දර පරිසරයක පිහිටි විශ්වවිද්‍යාලයකට.

දින, සති, මාස, අවුරුදු ගතවෙලා ගිහින් කැම්පස් එකෙන් සමුගන්න දවසත් අත ලඟටම ඇවිදිල්ල. ඒක හොඳටම දැනුනෙ අපේ සමුගැනීමේ සාදයේ සිංහලෙන් කියනවනම් farewell එකේ ඉන්විටේශන් එක මගේ අතට ලැබුන වෙලාවෙ. මේ සති අන්තයේ අපේ සමුගැනීමේ සාදය පැවැත් වෙනවා.

එතින් අවසරයි සමුදෙන්න..... සරසවි දිවියටත්


5 comments:

  1. ඔන්න ඕකම තමා මටත් උනේ. මාත් විශ්ව විද්‍යාල ජීවිතයට සමු දුන්නා. වැඩි ඈතක නම් නෙමෙයි දැනට ඕන් නම් මාසයක් ඇති.

    ReplyDelete
  2. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ
    My best wishes for your future endevours!

    ReplyDelete
  3. හිටිය කාලේ වින්දා නම් විඳවන අතරේ.. ඒ මතක රසවිඳින්න පුළුවන් ජීවිත කාලෙම.. මේ අපිට වගේ..

    ReplyDelete
  4. කොතන කොහේ හිටියත් අපි හැමොටම දැනෙන දුක එකමයි නේද...?හැම හමු වීමකම අවසානය හීල්ලිමක් විතරයි යාලු...විශ්ව විද්‍යාලෙන් සමු ගන්නකොට දැනෙන දුක...මට දැන් දැන් දැනෙනවා

    අනාගතයට සුබ පැතුම් යාලු...

    ReplyDelete
  5. ඉතාම මිහිරි අත්දැකීම් ගොඩක් ඇති, ලියන්ටකෝ ඒවත්..
    පාසලෙන් වගේම විශ්වවිද්යාලයෙන් සමුගනීමත් දුකක් තමා නේද? ඊටත් වඩා දුක ඊටපස්සේ ජීවිතය මතක් වෙද්දි!

    ReplyDelete