Sunday, September 25, 2011

විරාමයට තිත

ලොකු විරාමයකින් පස්සෙ තමා මේ සටහනක් තියන්නෙ. දැන් මාසෙකින් විතර මොකුත්ම කොටන්න වෙලාවක් ලැබුනෙ නෑ. මේකෙ මොකුත් කෙටුවෙ නැත්තෙ මේක එපාවෙලා එහෙමනම් නෙමෙයි ඕන්. ඒ විතරක්යැ මන් පහුගිය ටිකේ දිගටම වගේ කියවගෙන ආව බ්ලොග් අඩවි කිහිපයක් බලන එකත් මග ඇරුනා. ජන්ජාලෙ සැරිසරන්න තිබ්බ මගේ නිදහස් කාලය ගිලගත්ත බහිරවයා වුනේ මේ අවුරුද්දෙ කර මත වැටිල තියෙන ප්‍රොජෙක්ට් එකක්. ඩිග්‍රි එක ගන්න නම් මේ ප්‍රොජෙක්ට් එකත් අනිවාර්යෙන්ම කොම්ප්ලීට් කොරල බාර දෙන්න ඕනි. නැත්නම් අනෙක් සබ්ජෙක්ට් ඔක්කොම ගොඩ ගියත් ඩිග්‍රිය දෙන්නෑ.

මම ඇතුලු අපේ කන්ඩායමට ලැබුන මාත්තුරුකාව තමා temporary staff එකකට recruitment management system එකක් ඩිවලොප් කරන එක. ඉතින් මේ දවස් වල ජීවිතේ ගෙවෙන්නෙ php, html, mysql, java script, css මෙන්න මේ වගේ දේවල් එක්කම තමා.

මේකෙ සමහර දේවල් කරද්දි අපි පසුගිය වසර වල ඉගන ගත්ත දේවලුත් ඕනැ වෙනවා. ඔන්න ඕක තමයි දිරවන්නෙ නැත්තෙ. ඇයි බොලව් දැන් කාටද ඕවා මතක තියෙන්නෙ. අපි ඔව්වා හැමදාම කටපාඩම් කොරන එකක්යැ exam එකකට ඇරුනම. දැන් බලපල්ල කෝ පරන නෝට්ස්නුත් ආයෙම. කොහොමහරි දැන් නම් මේ ප්‍රොජෙක්ට් එකේ කටයුතුත් තරමක් දුරට කොරල අහවරයි. ඉතිං හිත ටිකක් නිදහස් දැන්.

මේක කොරන අතරෙ සිද්ද වෙච්චි පුංචි පුංචි අකරතැබ්බත් නැතිවම නොවෙයි. මම භාවිතා කොරන Dreamweaver CS5 ඇක්ටිවේට් කොරල තියෙන්නෙ අතිශයින්ම නීත්‍යානුකූල විදියට නෙව. ඉතිං බැරිවෙලා හරි මේකත් ඕපන් කරන් නෙට් කනෙක්ට් උනොත් මගේ කී එක හොරකම් කොරගන්නවා. එතකොට අළුත් කී එකක් හොයන් ආයෙම ඇක්ටිවේට් කොරගන්න වෙනවා. මට අමතක වෙලා දෙපාරක්ම ඔය වැඩේ උනානේ.

ඕන් ඉතිං පහුගිය ටිකේ මොකුත්ම ලියල නෑ කියල මා එක්ක අමනාප වෙනව එහෙම නෙමෙයි.

4 comments:

  1. එහෙනම් ඉක්මනටම වැඩ ටික ඉවර කරගෙන බ්ලොග් අවකාශේ පැත්තේ ආවනම්. ප්‍රොජෙක්ටුව සාර්ථකව ඉවර කරගන්න මගෙනුත් සුබ පැතුම් !!!

    ReplyDelete
  2. මුලින්ම ඉතින් ඩ්ග්‍රීය ගන්න එපැයි , ඒ නිසා හොදට ප්‍රෝජේක්ට් එක කරන්න... :)

    ReplyDelete
  3. php, html, mysql, java script, css බලන් යද්දි ඔයයි මමයි එකම බෝට්ටුවෙනෙ යාලු..මේ දවස් වල මගෙ එක සබ් එකක් දුවන්නේ ඕවා එක්ක..කොටින්ම කිවොත් මට දැන් මේ ඔක්කොම පැටලිලෝ............

    කොහොම හරි ගොඩ යන්න යාලු..ඔච්චරනෙ අප්පා ඉතුරු වෙන්නේ..

    ReplyDelete
  4. @මධුරංග
    ඔව් ඔව් පුළුවන් හැම වෙලාවකම එනවා.....
    තෑන්ක්ස් සහෝ...

    @ChammA
    හ්ම්ම්.... ඒකනේ මෙච්චර මහන්සිවෙන්නෙ නේද....තෑන්ක්ස් සහෝ...

    @අසනි
    අම්මෝ මෙව්වා පටලගත්තොත් නම් ඔලුව තවත් විකාර වෙනවා එහෙම උනොත් error එකක් හොයනවානම් බොරු...ඒ නිසා පරිස්සමින්...
    ඔව් ඔව් අන්තිමේ ඉතිරි වෙන්නෙනම් මෙව්වා තමා...තෑන්ක්ස් යාලු...

    ReplyDelete