Sunday, August 14, 2011

මා හැර ගිය ඔබ...


මා හැර ගිය ඔබ.... හ්ම්ම්ම්..... බූට් පාරක් නේද... යාළුවා...

නෑ... නෑ... කෙනෙක් මාව දාල ගියා තමයි... ඒත් බූට් පාරක් නම් නෙමේ.....

අද මගේ හිතට තරමක දුකක් දැනුන දවසක්... මේ දුක ඇතිවුනේ හවස් ජාමෙ ටවුන් ගොහින් සැලුන් එකකට ගොඩවෙලා කොන්ඩෙ කපන්න කියල ඉඳගත්ත වෙලාවෙ...

ඇයි ඔයැයිට දුක... කොල්ලෙක් කොන්ඩෙ කපන්න දුක් වෙන්නෙ මක්කටෙයි...

දැන් ඉතිං මේ සටහන කියවන යාළුවන්ට මේ විදියට හිතෙන්නත් බැරි නෑ නේද...

ඒක ඇත්ත... කොන්ඩෙ කපන එක නම් දුකක් නෙමේ. මේ අවුරුදු විසි ගණනට කොන්ඩෙ කපන්න ඕනැතරම් වාර ගණනක් සැලුන් වලට රිංගල ඇති. ඒ කිසිම දවසක කිසිම වෙලාවක හිතට දුකක්වත් සතුටක්වත් කිසිම විශේෂ හැඟිමක්වත් ඇතිවුන බවක් මගේ මතකයේ නම් නෑ...

ඉතින් අද මොකෑ දුක් වෙන්නෙ...

ඒ අද මම කැපුවෙ වෙනද වගේ සාමාන්‍ය කොන්ඩයක් නොවන හින්ද... දැනට වසරකට වඩා කාලයක ඉඳල ආදරයෙන් රැක ගත්ත බෙල්ලෙනුත් පහලට යනකන් වැවිල තිබුන අඟල් 9ක් විතර දිග කෙස් කලබ තමා ඒ කපල දැම්මෙ... ඉතිං මෙච්චර දවසක් මුහුණට අමුතු අලංකාරයක්  ( යාළුවො කියන විදියට නම් විකාර පෙනුමක් ) ගෙනාපු ඒ දිග කෙස් රැලි දැන් මාත් එක්ක නෑ. ඉතිං මේ කෙස් රැලි එකින් එක විදුලි මැසිමෙන් බිම දමද්දි තමා හිතට දුකක් ඇතිවුනේ...

එදා කොන්ඩෙ වවන්න ගත්ත තීරණයට වගේම අද කොන්ඩෙ කපන්න ඕනි කියල ගත්ත තීරණයටත් කිසිම සුවිශේෂී හේතුවක් නම් තිබ්බෙ නෑ. හිතේ ආසාවට වැව්වා වගේම කවදහරි කපන්න වෙන නිසා කපල දැම්මා. එදා හිතාන හිටි දෙයක් තමා කවදහරි කොන්ඩෙ කපද්දි සම්පූර්ණයෙන්ම කොන්ඩය කපනවා කියල. ඒ කිව්වෙ අර තට්ටෙ ගානවා කියන්නෙ අන්න ඒ වගේ...අද කොන්ඩෙ කැපුවෙත් ඒ විදියටම තමා...

පසුගිය මාස කිහිපය පුරා මට කැම්පස් එකේදි ආමන්ත්‍රණය කොරන කාඩ් එකට අමතරව තවත් අන්වර්ත නාමයන් කීපයකුත් පටබැඳි තිබුණ. ඒවා තමා සායි” , “කපුටු කූඩුව ..............  දැන් ඉතිං මොනා කියයිද දන්නෑ...

9 comments:

  1. අයියෝ මටත් ගිය මාසේ ඔය වගේම දෙයක් උනා..කැම්පස් යන්න ගත්තට පස්සේ කෙල්ලගේ නිතබ ලගට තිබ්බ කේශ කලාපේ දුර්වල වෙන්න ගත්තා..හරි හැටි සාත්තුවක් එහෙම නැති කොට..අනේ එහෙමයි කියල අවුරුදු හතරකින් විතර වේගයෙන් ඇදුණු කොන්ඩේ අඩු කරා..දැන් තිබ්බයින් බාගයක් නෑ..හිතට පුදුම දුකයි..හැබැයි පහසුයි..

    හැබැයි කොල්ලෙක්ට නම් කොට කොන්ඩේ හැඩයි අනේ යාලූ..

    ReplyDelete
  2. අපරාදේ කොණ්ඩේ කපන්න වෙච්ච එක !!!!!
    ඔච්චරවත් වවා ගන්න මාරම ගේමක් දෙන්න එපැයි. අනිත් එක තමයි ඉස්සොරි වලින් බේරගන්නත් හෙනම ගේමක් දෙන්න එපැයි. තව ටිකක් වලවා ස්ට්‍රේට් පාරක් එහෙම දාලා කොණ්ඩේ කෙලින් කරලා ගන්න තිබ්බා නම් පට්ට !!!!!

    කැම්පස් යන්න වෙච්ච හන්දද කොණ්ඩෙට සොට් එක දුන්නේ ????

    ReplyDelete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. @අසනි
    කොටටවත් දැන් කොන්ඩෙ නෑනේ තියෙන්නෙ තට්ටෙ...

    @මධුරංග
    නෑ..නෑ.. කැම්පස් ඉද්දිම තමා කොන්ඩෙ වැව්වෙ... තව මාස තුනකින් විතර අපි අවුට් වෙනවා... ඉතිං ඉන්ටවීව් එකකට යන්න වුනත් පිලිවෙලකට යන්න එපැයි... ඒකයි කැපුවෙ...
    අපෝ ඉස්සොරි වලින් නම් මට කරදරයක් තිබිබෙ නෑ වාසනාවට...

    ReplyDelete
  5. අපරාදේ ඇත්තටම ඔච්චර මහන්සි වෙලා වවපු කොණ්ඩෙ කැපුවෙ ...

    මගෙත් ඒ දවස්වල ට්‍රයි එකක් තිබුනා කොණ්ඩෙ වවන්න ඒත් නෑවට පස්සෙ ඉක්මනට වතුර වේලෙන්නෙ නැති නිසා අසනීප වෙන්න ගත්තා. ඒ ගමන අල්ලලා දැම්මා ......

    ReplyDelete
  6. කැම්පස් ඉන්න කාලේ මගේ කොන්ඩෙ සායි බාබගේ වගේ. දැන් ඒ පින්තුර දැක්කම හිනායනවා..

    ReplyDelete
  7. @පන්සල් හංදිය
    කොල්ලෙක් නිසා හැමදාම කොන්ඩෙ වවාගෙන ඉන්නත් බෑ නෙව ඉතිං...
    ගොඩක් ස්තූතියි මේ පැත්තෙ ආවට....

    @සරත් ලංකාප්‍රිය
    අපි දෙන්නගෙම කොන්ඩෙ එකවගේ එහෙනම්...ඒකනේ ඔය මට "සායි" කිව්වෙ...

    ReplyDelete
  8. කොන්ඩේ වැව්වම ගති කියලා හිතෙනවා සමහර වෙලාවට...ඒත් ඉතින් වේලාවකට වැද්දෙක් වගේද කියලත් හිතෙනවා...හිකිස්‌

    ReplyDelete
  9. සායිබාබාත් නැති අතරේ එතුමා වගේ කොන්ඩ ක් මොකටද ?

    ReplyDelete