Tuesday, August 9, 2011

සිතෙහි කලබලයක්...


නිතරම යන එන සුපුරුදු මාවත
සැතපුම් ගණනක් දිගු වූවත්
ගමනාන්තයට මෙතරම් දුර ඇත
මෙතරම් කාලය ගත විය හැකි වෙත
මනසේ නිතරම රැඳිලයි ඇත්තේ
සිත නෑ ඒ ගැන කලබලයක්.....
පෙරදින මා ගිය නුපුරුදු මාවත.....
විටෙක දෑස යයි ඔරලෝසුව වෙත
විටෙක දෑස යයි වටපිටාව වෙත
ගමනට ගතවන කාලය ගනිමින
සිටිනා ඉසව්ව හදුනා ගනිමින
තේරුම් ගන්නට තවමත් බෑ මට
සිත ඇයි මෙතරම් කලබලයක්.....

5 comments:

  1. හිත නිස්කලංකව තිබ්බට වඩා හිත කලබල උනාම ඔහොම දේවල් වෙනවා.කවිය නම් ලස්සනයි.

    ReplyDelete
  2. කොහෙ හරි හොර ගමනක් යන්න ඇත්තේ ඒකනේ කලබල..

    ReplyDelete
  3. නොගිය මාවතේ
    යන්නේනම් ඔබ
    කලබල සිත
    කලයුතු තැන්පත්..

    ReplyDelete
  4. මුලින්ම දාන කොමෙන්‍ටුව මේ පැත්තේ ඇවිත්...හා හා කලබල වෙන්ට එපා.....හිකිස්

    ReplyDelete
  5. @all
    සියලු දෙනාටම තෑන්කූ ප්‍රතිචාර වලට...

    ReplyDelete