Friday, August 5, 2011

ඒ මචං මේකටත් දාමුද...

ලිනක්ස් ගැන ඔයාල අහල ඇති නේද... ලිනක්ස් කියන්නෙ වින්ඩෝස් වගේම මෙහෙයුම් පද්ධතියක් හැබැයි ඒක සම්පූර්ණයෙන්ම නොමිලේ අරගන්න පුලුවන් ඕපන්සෝස් වර්ගයේ එකක්... ubuntu, fedora, redhat, suse කියන්නෙ ඔය ලිනක්ස් වල තියෙන මෙහෙයුම් පද්ධති වර්ග කිහිපයක් තමා. අපට පරිඝණක විද්‍යාවෙ සමහර විෂය ඒකක වල පැට්‍රිකල් කොරන්න තියෙන්නෙ ෆෙඩෝරා භාවිතා කරලයි. පහුගිය දවසක මම අපේ යාළුවෙක්ගෙ ලැප් එකකට ෆෙඩෝරා ඉන්ස්ටෝල් කලා. ඒ අතරෙ මතක්වුන කතාවක් තමා මේ... මේක  සිද්ධඋනේ අපි පළමු වසරෙ ඉන්න කාලෙ...

ඔන්න අපේ ඉස්සා කියල එකෙක් හඳයා කියල එකෙකුට ආරාධනාවක් කොලා...

ඒ මචං හඳයො... මේ සිකුරාදට වරෙන්කො අපෙ දිහා... මගෙ මැසිමට ෆෙඩෝරා දාගන්නත් තියෙනවා

ඕං මතක ඇතුව උබේ ෆෙඩෝරා DVD එකත් අරන් වරෙන් ඈ......

ආරාධනාව පිලිගත්ත හඳයා තවත් යාළුවො දෙන්නෙකුත් එක්ක සිකුරාදා හවස් ජාමෙ ඉස්සලගෙ ගෙවල් බලා පිටත්වුනාලු. පැයක විතර ගමනකින් පස්සෙ ගෙදරට ලගාවෙච්චි මේ කට්ටිය ආගන්තුක සත්කාර වලින් පස්සෙ මේ සුන්දර ගමේ ටිකක් ඇවිදිමු කියල යෝජනා කොලා...

ඉතිං ඉස්සා කට්ටියව එක්කරන් ගියේ වෙල් යායක් මැදින් යන්න තිබුන උගෙ යාළුවෙක්ගෙ ගෙදරකට...එහෙදි ඉස්සගෙ ගමේ යාළුවො කිහිපදෙනෙක්ම අදුනගන්න හඳයාට අවස්ථාව ලැබුන.

ඔන්න ඉතිං මේ සතුට සමරන්න කියල කට්ටිය සැට් වෙන්නත් යෝජනාවක් ගෙනාවලු... ජයටම සප්පායම් උන  හඳයා ඇතුලු කට්ටිය ආයෙ ඉස්සලගෙ ගෙදරට යද්දි රෑ 9 විතර ඇති. වැනි වැනි උනත් ඔලුව කෙලින් තියාගෙන හඳයා කිව්වෙ මැසිමෙ වැඩෙත් දැන්ම ඉවරයක් කොරමු කියලයි. ඔන්න ඉතින් හඳයා ඉස්සාගෙ මැසිමට ෆෙඩෝරා ඉන්ස්ටෝල් කොරන්න පටන් ගත්තා. හඳයාට වැඩේ කොරන්න දීල අනිත් උන් දොයියන්න ගියා. හඳයාත් වැඩේ පිනිෂ් කොරල දොයියගත්තා කියමුකෝ...

පහුවදා උදේ මැසිම ඔන්කොරද්දි නෝ...ඩිස්ප්ලේ...මුකුත්ම නෑ...ෆෙඩෝරා තියා වින්ඩෝස්වත් නෑ.....

ඔන්න දැනුයි හඳයාට තමුන් කොරපු හරිය මීටර් වෙන්න පටන්ගත්තෙ. ඉතිං ආයෙම මැසිම ෆෝමැට් කොරල වින්ඩෝස් දාල ෆෙඩෝරත් දාල මැසිම යථා තත්ත්වයට ගන්න හඳයා මුලු උදය වරුවම කැප කොලා කියලයි ආරංචිය...

සදුදා කැම්පස් එකේදි හඳයාට උනුසුම් ප්‍රතිචාර එහෙම බොහොමයි...

ඒ මගේ මැසිමටත් ෆෙඩෝරා දානවද..... කියල කවුරුහරි අහද්දි හඳයාගෙ ප්‍රතිචාරය උනේ.....

වරෙන්කෝ දාන්න උබේ ********........

7 comments:

  1. හික් හික්..හවස් වරුවේ සප්පායන් වුනාට..හොද වැඩේ..

    ReplyDelete
  2. මරු වැඩේ නේ. මාත් ඔහොම කට්ටවල් නම් අනන්තවත් කාලා තියෙනවා. හික්ස් :)

    වින්ඩෝස් දාලා ෆෙඩොරා දාන එක තමයි හොද නැත්නම් බූට් ලෝඩර් එක හැදෙන්නේ නෑ. ඕක මාරු කරලා දාලා අන්තිමේදි හෙනම ගේමක් දුන්නා GRUB එක ගන්න !!!!

    අම්මෝ එහෙමත් කට්ටක් !!!!

    ReplyDelete
  3. හික් හික් මාත් කෑවා ඔය වගේ කට්ටක්...

    ReplyDelete
  4. @අසනි
    උදේ වරුවෙ බොන එක හොඳයිද...මරු...මරු... :D

    @මධුරංග
    ඔව්...ඔව්...හදිස්සියෙ වින්ඩෝස් ෆෝමැට් කොරන්න ඕනි උනොත් ෆෙඩෝරයි වින්ඩෝස්නුයි දෙකම අයින් කොරල ආයෙම දෙකම දාන්න වෙනවා නෙව ඔය GRUB එක හදාගන්න.

    @පිස්සු පුසා
    මාළු කට්ටක් එහෙම නෙවෙයි නේ...හික් හික්...

    ReplyDelete
  5. ෆෙඩෝරා දාන්න කාපු කට්ට නිසාම මට ෆෙඩෝරා එපා වුනා , පට්ට කතාව..

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. @Manga
    දන්නෝ දනිති...හික්..හික්..
    පෞත්ගලික කාරණාවක් නිසා කොමෙන්ටුව මැකුවා... සොරි මචෝ..
    අනෙක් යාළුවන්ගෙනුත් මෙයාලගෙ සත්‍ය නම් හෙලිකරන්න එපා කියල ඉල්ලීමක් කරනවා...

    ReplyDelete