Monday, July 11, 2011

Google දෙයියා


අන්තර්ජාලය භාවිතා කොරන අයගෙන් Google කියන වචනෙ අහපු නැති කෙනෙක් වගේම googleහි විවිධ සේවාවන් භාවිතා නොකරපු අයෙක් හොයාගන්නව නම් බොරු...... ඒ තරමටම ඔය වචනෙ අපට සමීපයි. ඉතිං මේ Google ලබාදෙන ප්‍රධානතම සේවාව තමයි Google Search Engine එක. අපි අන්තර්ජාලයෙදි නොදන්නා හැම දෙයක්ම හොයාගන්නෙ ඉතිං ඕකෙ පිහිටෙන් නෙව. Google mail හෙවත් gmail සේවය, photo බලන්නත් manage කරන්නත් පුලුවන් google picasa සහ google chrome කියන web browser එකත් google දෙයියො දෙන සේවාවන් තමයි. අනික මේ හැම එකක්ම දෙන්නෙත් හොඳම මිලට හෙවත් සම්පූරණයෙන්ම නොමිලයේ නෙව. 

ඉතිං මේ අතරට අලුතෙන්ම ආව සේවය තමයි Google+ කියන්නෙ. ඒක ඔය මූණුපොත වගේ සමාජ ජාල වෙබ් අඩවියක්. තාමත් මේකෙ beta version එකක් නැත්නම් අත්හදාබැලීමේ සංස්කරණයක් පමනයි නිකුත් කොරල තියෙන්නෙ. ඉතිං තාම ඕකට සම්බන්ධවෙන්න පුලුවන් ඒකෙ දැනටමත් ඉන්න කෙනෙක් එවන invitation එකකින් විතරයි.

ඉතිං මාත් ඕකෙ account එකක් හදා ගත්තා. බලන්නකෝ ඔය screen shot ටික G+ හොඳයිද කියලා..... 

මේ G+ වලට join උන ගමන්

ඔය මම දාපු පලවෙනි post එක


මේ එක publish උනාට පස්සෙ ගත්ත එකක්

මේක ඔය මූණුපොතේ wall එක වගේ තැනක්

මේ තියෙන්නෙ profile විස්තර

ඉතිං ඔයාලගෙ අදහස් කියල කොමෙන්ටුවකුත් කොටලම ගියානම් නේද හොඳ.....



4 comments:

  1. මමත් අකවුන්ට් එකක්නම් හදා ගත්තා. ඒ ඉන්විටේෂන් එකක් එවලා තිබුණු හින්දා. ඒ ඇරෙන්න, ඔය මොකක්ද කියලවත් දැනගෙන නෙවෙයි. බලන්න ඕන මොනවද ඒකෙන් කරන්න පුළුවන් කියලා.

    ReplyDelete
  2. @ නලිනි චන්දිමා
    මේ පැත්තෙ ඇවිත් අදහස් ප්‍රකාශ කොලාට තෑන්කූ වේවා..!!!
    G+ කියන්නෙ ඔය මූණුපොත වගේ එකක්...

    ReplyDelete
  3. මම නම් ඔය කියන ගූගල් ප්ලස් පාවිච්චි කරලා නම් නෑ.
    මල්ලි කියන හන්දම එකවුන්ට් එකක් හදාගෙනම බලන්න ඕනා මොකද්ද මේ වැඩේ කියලා.

    ReplyDelete
  4. ඔව්..ඔව්.. හදලම බලමුකෝ නේද...

    ReplyDelete