Thursday, July 28, 2011

ආයෙමත් ලෙක්චරස්...

අම්මෝ.......... ඇති යාන්තං...........

ඇයි මොකද උනේ........

ඉවරා......යි.....

හෑ.... පටන් ගත්ත ගමන්ම ඉවරද.....

නෑ...නෑ... මේ කැම්පස් ලෙක්චර්ස්ල කරගෙන ආව වෘත්තීය ක්‍රියාමාර්ගය ඉවරයි කියල කිව්වෙ. ඔන්න ඉතිං ආයෙත් ලෙක්චර් පටන් ගත්තා. පසුගිය මැයි 16 වෙනිදා පලවෙනි සෙමෙස්ටරේ වාර අවසාන නිවාඩුව ලබාදුන්නට පස්සෙ ආයෛත් දෙවන සෙමෙස්ටරේ පටන් ගන්න නියමිතව තිබ්බෙ මැයි 29 වෙනිදා. ඒත් ලෙක්චර්ස්ල පඩි වැඩිකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පටන් ගත්ත වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ඒ දිනය දවසෙන් දවස කල් ගිහින් මාස 2කටත් වැඩි නිවාඩුවකින් පස්සෙ ආයෙත් කැම්පස් පටන් ගත්තෙ මේ ජූලි 27 වෙනිදා. මේක තමා වසර 3ක කැම්පස් ජීවිතේ ලැබුන දිගම නිවාඩුව.

පහුගිය දවස්වල කැම්පස් එකේ යාළුවෙක් කතාකරත් අහන්නෙ ඒ බං කවද්ද කැම්පස් පටන් ගන්නෙ... දැං නම් ගෙදර ඉඳල ඇතිවෙලා බං කියල. මටත් පෙරලා අහන්න තිබ්බෙ ඔය ටිකම තමා ඉතිං...

කැම්පස් පටන් ගත්තත් දැනගන්න ලැබුන හැටියට නම් මේ වෘත්තීය ක්‍රියාමාර්ගය නවත්තල තියෙන්නෙ තාවකාලිකවයි. තවත් ඉටු නොකල ඉල්ලීම් කිහිපයක් තියෙනවලු. ඒ වගේම අභ්‍යන්තර ගැටළු කිහිපයකුත් ඇතිවෙලා තියෙන බව ආරංචියි. ඉතිං නැවතත් වැඩ වර්ජනයකට යන සූදානමක් තියෙනව කියලත් දැනගන්න ලැබුනා...

මොනව උනත් අපේ ඩිග්‍රිඑක ගන්න දවස නම් දිනෙන් දින කල් යනව කියල පැහැදිලියි. අද රැකියාවකට ඉල්ලුම් කරද්දි තියෙන්නෙ “….උපාධියක් ඇති වෘත්තීය පලපුරුදද්ද සහිත වයස 18 – 24 අතර අයදුම් කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ... “ කියල.

උපාධිය  ගත්තා කියමුකෝ එතකොට වයස.....?????

10 comments:

  1. ඔන්න ඕක තමයි මටත් වෙන්නේ. මගේ නම් 24 කම්මුතුයි !!!!!
    කෝමද අපි රස්සාවකට යනකොට හැරමිටියෙන් යන්න උනොත් ... අම්මෝ !!!!

    ReplyDelete
  2. ප්‍රසංගලාට නම් හොඳයි. අපිට වර්ජනේ සෙට් වුණේ විබාගෙ පටන් ගන්න කලින් සතියෙ! එලොවටත් නැති මෙලොවටත් නැති පජාතම කාලයක් ඒක. මොකෝ පටන් ගන්න දවසක් දන්නැතුව පාඩම් කරන්නද?

    ReplyDelete
  3. ඒ කතාව නම් සහතික ඇත්ත..

    ReplyDelete
  4. @මධුරංග
    මගෙත් 24 ඉවරයි බං...මෙහෙම කල් ගියොත් ඩිග්‍රිඑක ගන්න වෙන්නෙත් හැරමිටියෙන් ගිහින් තමා...

    @විසිතුරු
    අම්මෝ...එග්සෑම් එකට කලින් වර්ජනේ ආවනම් ඉවරයි...එහෙනම් ඔක්කොම ඇන...

    ReplyDelete
  5. @sansarasidu
    බොහොම ස්තූතියි යාළුවා මේ පැත්තෙත් ආවට...

    ReplyDelete
  6. අපේ කාලෙත් ඔහොමයි වහනවා අරිනවා ගහනවා ගුටි කනවා පන්ති තහනම් කරනවා.. ඒ කාලේ සිස්ය නායකයෙක් දැන් ඇමතිතුමා. එච්චරයි වෙනස.

    ReplyDelete
  7. @සරත් ලංකාප්‍රිය
    බොහොම ස්තුති අයියෙ මේපැත්තෙ ආවට...ඔය ඇමතිතුමාට ඒ කාලෙ මතක නැති එක නොවැ වැඩේ...

    ReplyDelete
  8. අම්මෝ අපිටත් දෙයියෝ බුදුනේ කියලා පටන් ගත්තා... කවදා කොහොම කෙලවර වෙයිද කියලා කියන්න බැරි දෙයක් තමයි උපාධියත් යාලු..

    ReplyDelete
  9. සැහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක්. :(
    ආයෙත් ස්ට්‍රයික් එකක් කරොත් නම් ඉවරෙටම ඉවරයි

    ReplyDelete
  10. @අසනි
    අපි හිතමු හොඳින් කෙලවර වෙයි කියල...

    @ChammA
    බිව්වහම වැඩේ ගොඩ යයිද...එහෙනම් දැන්මම බොන්න ඕන...

    ReplyDelete