Sunday, July 24, 2011

නව යුගය...











බෝ මළුවෙ ඇවිදිද්දි
සිතට ආ මෙත් සිසිල
චෛත්‍ය වටා ඇති
වැලි මළුවෙ ඇවිදිද්දි
දැනුන ඒ සිල් සුවඳ
ලබන්නට පුතණුවනි
නුබට හැකිවෙද සැකයි...
කුරිරු වූ සමාජයෙ
ගුණ දහම් වැනසිලා
සමාජය පිරිහිලා
තන්හාව මිනිස් සිත
වසාගෙන පැතිරිලා
ගෝලීයකරණයට
ලෝකයම යටවෙලා
සියලුදේ සිදුවන්නෙ
මුදලටම යටවෙලා
මතු දිනෙක සිනහවත්
මිලට පමණක් වේවි...
සියල්ලම විකුනමින්
උපයනා ඒ මුදල්
වැයවන්නෙ කුමකටද
රති සැපය විඳගන්න
දුම් වැටිය අරගන්න
තෙල් දැමුනු මස් කන්න
මත් වතුර ටික බොන්න
අතීතයෙ බණපොතේ
චක්කවත්තිසීහනාද
නමින් එන සූත්‍රයෙක
කියලාම තියෙනවලු
අනාගත කාලයක
ගුණ දහම් කියනදේ
අන්තෙටම පිරිහෙනවා
මිනිසාගෙ ආයුසත්
වසර දහයක් වෙනවා
සිතෙනවා ඒ යුගය
දැනටමත් ඇරබිලා
මෙසේ කවි ලියුවාට
බැහැ මේවා නවතන්න
එනමුදුත් ලියනවා
සිතේ දුක නැති වෙන්න... !!!

3 comments:

  1. ලස්සන අදහසක්. :)

    ReplyDelete
  2. @ මධුරංග
    හිතේ දුකට නෙව අදහස කෙටුවෙ ඉතිං..

    ReplyDelete
  3. අන්තිමට කහ නුලක් විතරක් අතේ බැඳගත්ත හාමුදුරුවරු කියල ජාතියක් ඇතිවෙන තැනට පිරිහීම යනවා කිවුවම මන් පුංචි කලේ හිනා උනා. දැන් මට හිතෙනවා මේ යන විදිහට මගේ ජීවිත කාලේදී එක වෙයිද කියල..

    ReplyDelete