Wednesday, July 20, 2011

ඇරයුම් ලද නමුත්...!!!

මූණුපොතට ලොග් වෙලා ඒක ඔහේ පැත්තක තියෙද්දි බ්ලොග් අවකාසෙ  තිබුන පිටුවක් බල බල ඉන්න අතරෙදි දැක්කා මූණුපොතට මැසේජ් එකක් ඇවිල්ල තියෙන විත්තිය. චැට් එකට කෙනෙක් ඇවිත්... කොටල තිබුනෙ...

ඉරිසියාකාර හිනාව

මේ මොකක්ද බොලේ මේ... මූණුපොතේ පේජ් එකක්ද... බ්ලොග් පිටුවක්ද... ලින්කුවකුත් නොවන නිසා ඇහැව්වා ඒ ගැන...

මොකක්ද මේ... කොහොමෙයි මේක බලන්නෙ...

ඕක බලන්න බෑ... හු... හු... ඉරිසියාකාර හිනාව...

මේ මොන විකාරයක්ද... මම කෙටුවා මෙහෙම...

ආ... ඕක ගනන් ගන්න එපා. ටික දවසකින් ඉබේම හරියාවි. තාම මේ පසළොස්වක පෝය පහුවුනා විතරනේ. හඳ මෝදු වෙනකොට සමහර අයට ඔහොම වෙනව...

හික්ස්... චැට් එක ඉවරයි... නොකියාම යන්න ගිහින්...

පහුවදා ඔන්ලයින් ඉන්න වෙලාවක මම ඇහැව්ව

දැන් ලෙඩ සනීපෙයි

මෙයා මයෙන් අහනවා  අයියට කවි ලියන්න පුළුවනිද…”

මමත් ඉතිං බැරි දේට බෑ නොකිය කිව්වෙ නැතෑ මෙහෙම...

උත්සහකලොත් කරන්න බැරි දෙයක් නෑ

එහෙනං ලියන්නකෝ කවි… “

හුටා... දැන් ඉතිං ලියපන්කෝ කවි... කවද කාපු ටිංකිරිද මේ...

නම්බුව බේරගන්නත් එපාය... උත්සහ කොර කොර ලිව්වා කවි මට වෙච්චි අකරතැබ්බය ගැනම... මේ මම ලියපු කවි ටික...



ඇරයුම් ලද නමුත් කවි පද                   බඳින්නට
හොඳ කවි කාරයෙකු නෙවි මම කවි       ලොවට
ලද ඇරයුමට පිටුපානට බැරි                       කමට
ආරම්භයක් තබනෙමි මම මේ                  ලෙසට

කවි පද ලියන්නට හැකිදැයි ඇසුවා          මගෙන්
මට නම් ඕවා බැහැ නොකියා ඒ              විගසින්
පණ්ඩිත කම පෙන්වනු වස් ලොවට          ඉතින්
පිළිතුරු දුන්නෙ පැනයට මා මේ             විලසින්

සිතුවොත් ලොවේ කරනට බැරි දේ      නොමැතා
උත්සහවන්තයා සැමවිට ජය                     ලබතා
මේ ඔවදන් කියාදී මට වුන                        විපතා
එහෙනම් අයියෙ ලියපන් සිවු පදය               සිතා

ඉල්ලන් කෑම යයි කීවෙත්                      මේවාය
ඇදගෙන නානවා කීවෙත්                      මේවාය
බැඳගෙන ඉවර නම් උබ ඔය යක්            බෙරය
පලු නොපලා ගහපන් සිතමින්                     පදය

මෙවන් විපත් නම් කාටත් වන්න                එපා
පණ්ඩිත කතා හිතු හිතු සේ කියනු               එපා
පිරිසක් ඉදිරියේ පොර වනු සිතනු              එපා
මෙසිව් පදයන්හි අඩුවක් දකිනු                    එපා

ඇති යාන්තං පැදි සයකට පන                  දුන්නා
නැතිවනු ගිය නම්බුව බේරා                     ගත්තා
නෝන්ඩි නොකා මම මෙතනින් චුත       වන්නා
උත්සහවන්තයා නේදැයි ජය                   ගන්නා

6 comments:

  1. නියමයි.......
    අයියා දස්සයා බව නන්ගි දැනගත්තා
    අයියා ගේ කවි ටිකට මාගේ හිත බැන්දා
    නන්ගිගේ ඔටටුවට ලියු මේ කවි හින්දා
    කවි ලෝකයට නිරිදෙකු අද පිවිසිලා

    සතුටක් දැනේ මේ කවි පද දුටු විගසන්
    ඉල්ලන් කෑමේ ඇත ගතියක් මේ විලසින්
    උත්සාහෙන් ලියු පද වැල් නිති රකිමින්
    ඇරයුම් සදා කවි ලොව ඉනු ජය ගනිමින්

    ReplyDelete
  2. නරක නෑ හදිසියෙ බැඳි පදවැල්. :D
    ජය!

    ReplyDelete
  3. හිතුමතේJuly 22, 2011 at 9:05 AM

    උඹ නම් මාර පොරක් අර නංගි නම් කවුද දන්නෙනෑ 
    දැන් ඉතිං කියපන් මුකුත් නෑ කියලා

    ReplyDelete
  4. @ රාජි
    තෑන්කූ... තෑන්කූ...
    ආ... මෙයත් කවි කාරියක් නේ...

    @ නලිනි චන්දිමා
    නරක නෑ කිව්වෙ බටහිර චින්තනයට අනුව නම් හොඳයි කියන එක නේද... :D තෑන්කූ... තෑන්කූ...

    @හිතුමතේ
    මාර පොරක් කිව්වෙ මචෝ...ආ එයා මගෙ යාළුවෙක්...තෑන්කූ යාළුවා...

    ReplyDelete
  5. නියම කවි චැට් එකක් නේ. පට්ට.
    හදිසියේ උනත් ලස්සන නම් අඩුවක් වෙලා නෑ.

    ReplyDelete
  6. @මධුරංග
    තෑන්ක්ස් මචං...

    ReplyDelete