Sunday, July 17, 2011

වෙනස

අපි උදෑසන ඇහැරුන වෙලාවෙ ඉඳල රෑට නින්දට යන වෙලාව වෙනකම් කොයිතරමක් දේවල් අහන්න දකින්න ලැබෙනවද... සමහරු නම් ඉතිං නිදාගෙනත් සුන්දර වගේම භයානක දේවලුත් දකිනවා ඔය හීන වලට පින්සිද්දවෙන්න.

අපේ ආච්චිල සීයල නම් ඇහුවෙ දැක්කෙ ගමේ ගොඩේ දේවල් විතරක් වුනත් අපි නම් ගුවන් විදුලිය, රූපවාහිනිය, අන්තර්ජාලය වගේ ඒවයෙ පිහිටෙන් රටේ ලෝකෙ දේවලුත් අහනවා දකිනවා නෙව. ඉතිං ඔය අහන දකින දේවල් දිහා ටිකක් හරි තර්කාණුකූලව විමර්ශණාත්මකව බලන්නෙ කීයෙන් කීදෙනාද... 

අද ලෝකෙ ඉන්න සුපිරි විද්‍යාඥයෙකුත් තම මොළයෙන් වැඩ ගන්නවා කියන්නෙ එහි හැකියාවෙන් 10%කටත් අඩු ප්‍රමාණයක්ලු. ඉතිං මොළය තියෙන ඔලුගෙඩිය පුළුං කොට්ටයක් උඩ තියාගෙන දවසෙන් බාගෙකටත් වඩා නිදිය ගන්න අපේ පංගුව හිතාගත්ත හැකි නේද...

මොලය ටිකක් වෙහෙසවල ලොකය දිහා අහන දකින දේවල් දිහා තර්කාණුකූලව බලන්න පුරුදු වුනොත් ඇත්ත ඇතිසැටියෙන්ම දකින්න පුළුවන් වෙනවා.

බලන්නකෝ මේ පින්තූර ටික දිහා ඔයාල දැක්ක දේවල්මද මමත් දැකල තියෙන්නෙ කියල.....

මේකෙ කළුපාට බෝල කීයක් තියෙනවද...???
ඇත්තටම ඕකෙ කළු බෝල නෑ... තියන ඔක්කොම බෝල ටික සුදුයි...

මේ මල් දෙකේ මැද තියන සුදු බෝල වලින් ලොකුම එක තියෙන්නෙ වම් පැත්තෙ මලේද... දකුණු පැත්තෙ මලේද...
මට නම් පේන්නෙ මල් දෙකේම මැද තියෙන සුදු බෝල සමානයි කියල... බොරු නෙමේ මැනලම බලන්නකෝ...

ආ ඔන්න මේකෙ නම් තියෙන්නෙ අළු පාට බොඳ වෙච්චි රවුමක් ඇතුලෙ තියෙන කළු පාට පුංචි රවුමක්නේ...
ඒ ඔයා දැක්ක දේ නේද... මම ඕකෙ කළු පාට රවුම දිහා ටික වෙලාවක් බලන් හිටියා... ඈ... කෝ මේ අළු පාට රවුම...

මේකෙ ඔය පතුලෙම තියන රේඛාවට සමාන්තර වූ තවත් තිරස් රේඛා කීයක් තියනවද...
ඔක්කොම තිරස් රේඛා ඒකට සමාන්තරයි කියලයි මට නම් පේන්නෙ...

ඉතිං බලන විදිය අනුව දකින දේවල වෙනසකුත් තියෙනවා නේද... ඔයාලගෙ අදහස් කියල කොමෙන්ටුවකුත් කොටලම ගියාට අමනාපයක් නෑ ඕන්...


4 comments:

  1. උදේ පාන්දර හොඳ ව්‍යායාමය ඇස්වලට.. මුළු ජීවිතයම මහා මායාවක් වෙච්චකොට අපේ ඇස අපිව රවටන එක පුදුමයක්ය ?!

    ReplyDelete
  2. @සරත් ලංකාප්‍රිය
    ඒක නම් ඇත්ත අයියෙ....

    ReplyDelete
  3. අර කිව්වත් වගේ ඇස්වලට හොද ව්‍යායාමයක් !!!!
    මට නම් කොයිල් උනා මේ ෆොටෝ ටික බලලා.
    මේ දේවල් ටික නම් පට්ට !!!!

    ReplyDelete
  4. @මධුරංග
    ඇස් වලටනම් අපි මීටවඩා වියායාම දෙන්නෙ රබර් ඇහැ දාල...

    ReplyDelete