Sunday, July 10, 2011

අධ්‍යාපනය නිදහස් කිරීම



ඉදිරියේදී මෙරට සරසවි අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 5%ක ප්‍රතිශතයක් විදේශ සිසුන් ඇතුලත් කර ගැනීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.මෙය පෙර පැවති 0.5% අගය 5% දක්වා වැඩිකිරීමකි. ලංකාවේ වසරකට උසස් පෙළ සමත්වී විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන 120,000 කට අධික සිසුන් අතරින් විශ්වවිද්‍යාල සඳහා බඳවාගනුයේ 22,000 ආසන්න ඉතා සිමිත පිරිසකි. ඉන් 5%ක් හෙවත් 1000 කට මඳක් වැඩි පිරිසක් විදේශ සිසුන් ඇතුලත් කිරිමට තීරණය කරද්දී විශ්වවිද්‍යාල තුල පවතින භෞතික සම්පත් එනම් දේශන ශාලා,ප්‍රායෝගික විද්‍යාගාර හා නේවාසික ආදී පහසුකම් වැඩිකිරිමට කිසිඳු පියවරක් ගෙන නොමැත.

එක් එක් පාඨමාලා සඳහා වැඩිපුර සිසුන් බඳවා ගැනීමට පහසුකම් නොමැති නම් කරන්නට සිදුවන්නේ ඒවා සඳහා සුදුසුකම් ලබන දේශිය සිසුන් යම් ප්‍රමාණයක් අඩුකර ඒ වෙනුවට විදේශ සිසුන් බඳවාගැනිමයි. එම සිසුන් හට වෛද්‍ය,ඉන්ජිනේරු සහ කලමනාකරණ උපාධි විවිධ මිල ගනන් යටතේ අලවි කිරීමට දැන් සියල්ල සූදානම් වී හමාරය.

                     වෛද්‍ය උපාධිය රුපියල් ලක්ෂ 65
                     ඉන්ජිනේරු උපාධිය  රුපියල් ලක්ෂ 35
                     කලමනාකරණ උපාධිය රුපියල් ලක්ෂ 17 

ඉදින් මේ අලවිකරන්නේ ලාංකීය දූ දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයේ අයිතිය නොවේද.....?????

විදේශිය සිසුන් මෙරට විශ්වවිද්‍යාල වලට බඳවාගනුයේ මෙරට සරසවි ජාත්‍යන්තර තලයට ගෙන ඒමට යයි බලධාරීහු කියති. එසේනම් ශ්‍රී ලංකාවද ජාත්‍යන්තර තලයට ගෙන ඒමට කල යුතු වන්නේ මෙරට ඉඩම් සුද්දන්ට ව්කුණා ඔවුන් මෙරට පදිංචි කරවීමය.

ජාත්‍යන්තර තලයේ රැකියා ඉලක්ක කරගෙන මෙරට සරසවි වල පාඨමාලා වල ගුනාත්මක බව  ඉහල නංවා  ප්‍රායෝගික අංශයට යොමු වෙමින් ඒ සඳහා අවස්ථා වැඩිකරමින් නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යාම ආදී මේ දේවල් සිදු නොකර විදේශීය සිසුන්ට අධ්‍යාපනය විකිණිමෙන් සරසවි ජාත්‍යන්තර තලයට ගෙන ආ හැකියයි බලධාරීන් සිතන්නේද...!!! ඔවුනට අවශ්‍ය ජනතාව ගොනාට අන්දවා මුදල් සෙවීම මිස වෙන කිමෙක්ද...!!!

මෙරට ශිෂ්‍යයෙකුහට ලබා දෙන අධ්‍යාපනය අනාගත ආයෝජනයක්ද වන්නේය. විදේශීය සිසුන් මෙරටට සේවයක් කරාවිද...!!! ඔවුනගේ මවු රටට සේවය කරාවිද...!!!

දියුණු රටවල නම් ඕනෑම අයකුට මුදල් ගෙවා අධ්‍යාපනය හැදෑරිය හැකිය. එම රටවල සියලු පහසුකම් ඕනෑවටත් වඩා වැඩියෙන් පවතී. නමුත් මෙරට වසරකට උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාල වෙත සුදුසුකම් ලබන 120,000කට අධික සිසුන්ගෙන් 50%ක් වත් විශ්වවිද්‍යාල වෙත ඇතුලත් කර ගැනීමට ඒවායේ පහසුකම් නොමැති කොට ඇතුලත් කරගන්නා ප්‍රමාණයද කප්පාදු කරමින් අධ්‍යාපනය විකුණාගෙන කමින් බලධාරීන් මේ සැරසෙන්නේ නිදහස් අධ්‍යාපනයේ මලගමට මිස වෙන කුමකටද.....!!!!!

2 comments:

  1. මේ වැඩේ නම් හරිම කණගාටුදායක තත්වයක්. මෙච්චර වටින කියන උපාධි මුදලට විකිනෙන එක නම් දරා ගන්න අමාරුයි. මේවා වලට විරුද්දව අපි කම්පස් එකේ ඉන්න කාලේ කොළඹ ඇවිත් ප්‍රතිපාදනේ ඉස්සරහා පිකටින් හිටන් කලා. ඒත් ඒවා නිකන් ගඟට කැපු ඉනි වගේ උනා.

    ReplyDelete
  2. @මධුරංග
    උන් අපි ගැන හිතයිනම් මෙහෙම වැඩ කොරයිද බං...

    ReplyDelete