Wednesday, July 13, 2011

Bio Printing

බයෝ ප්‍රින්ටින් කටයුතු අත්හදාබලන පර්යේෂකයෙක්


උදෑසනම රෝහල වෙත රැගෙන ආවේ දරුණු ලෙස පිලිස්සුම් තුවාල ලබා සිටි පුත්ගලයෙකි. හදිසි ප්‍රතිකාර සඳහා සිටි වෛද්‍යවරයා වහාම ඔහුව ශල්‍යාගාරය තුලට ඇතුලු කරන ලදී.


එදින සවසම එම පුද්ගලයා සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහලෙන් පිටත්ව ගිය අතර ඔහුට බීමට හෝ ආලේප කිරීමට කිසිදු බෙහෙත් වර්ගයක් නොලැබුණි. ශරීරයේ කිසිදු පිලිස්සුම් කැලලක්ද නැත. වෛද්‍යවරයා පවසා සිටියේ ශරීරයේ යම් අසාමාන්‍යතාවයක් ඇතිවුවහොත් පමණක් නැවත රෝහලට වාර්තා කරන ලෙසටය.


මෙය තවත් එක් සුරන්ගනා කතාවකින් උපුටාගත් කොටසක්ද...??? 

නැත...

තවත් වසර 20කින් පමණ අනාගතයේ රෝහලක සිදුවිය හැකි සත්‍ය සිද්දි දාමයකි. තාක්ෂණයේ දියුණුවෙන් ලබාගත් ප්‍රතිඵලයකි.

අප සාමාන්‍යයෙන් භාවිතා කරන ink jet printer වල භාවිතා කරන තාක්ෂණය වන්නේ ink cartridge එකේ ඇති තීන්ත කඩදාසියක් මතට විදීමට සලස්වා පරිඝණකය ලබාදෙන උපදෙස් අනුව අවශ්‍ය රූපය මුද්‍රණය කිරිමයි.   

මේ අනුව යමින් කඩදාසිය වෙනුවට සමත් තීන්ත වෙනුවට සෛලත් යොදාගෙන ත්‍රිමාණ මුද්‍රණ සිදුකල හැකි නම් එමගින් මිනිස් අවයව නිර්මාණය කල හැකිය. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම තාක්ෂණය හදුන්වන්නේ Bio Printing කියාය.

මෙහිදී පිලිස්සුම් තුවාල සහිත පුද්ගලයා සම්පූර්ණ ස්කෑන් පරීක්ෂාවකට ලක්කර තුවාල වල ස්වභාවය ගැබුර ආදී දත්ත විශේෂිත පරිඝණක වැඩසටහනක් මගින් ලබාගනී. දැන් එක් එක් ස්ථානයනට අවශ්‍ය සෛල තෝරාගනිමින් Bio Printer එකක් ආධාරයෙන් තුවාල මත අලුත් සමක් මුද්‍රණය කරනු ලබයි. ඉදින් තවත් අලුත් සෛල වැඩෙනතුරු වත් අලුත් සමක් හැදෙනතුරු වත් බලා සිටිය යුතු නැත.ලප කැලැල් ගැන කරදර විය යුතු නැත. සීරීම්, කැපීම්, පිලිස්සුම් තුවාල මත අලුත් සමක් මුද්‍රණය කරගත්තාම තුවාලය සනීපය. තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම තාක්ෂණයන් මිනිසා අතරට පැමිනෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.


Bio Printing තාක්ෂණයෙන් මිනිස් ජීවිත තුල ඇතිකල හැකි බලපෑම් ගැන පැහැදිලි කිරීමට තවම කල් වේලා වැඩිය. නමුත් සොබාදහමේ ධර්මතාවයනට එපිටින් නම් මිනිසාට යා නොහැකි බව ස්ථිරය. සොබාදහම් මාතාවගේ අපූර්වතම නිර්මාණයන් වන මව්කිරි හා රැධිරය තවමත් කෘතිමව නිපදවිය නොහැකිවීමෙන්ම ඒ බව පැහැදිලිය.

තොරතුරු ගත්තෙ :- විජය පරිඝණක සඟරාව 2011 ජූලි කලාපය Bio Printing ලිපිය



4 comments:

  1. මේ ක්‍රම ගැන කලින් අසා තිබුණෙ නෑ. බොහොම ස්තුතියි.

    ReplyDelete
  2. @ නලිනි චන්දිමා
    මමත් දැනගත්තෙ විජය පරිඝණක සඟරාවෙ තිබුණු ලිපියකින්...
    ඔය පොටෝ එක හොයාගත්තෙ ගූගල් එකේ සර්ච් කොරල තමා...

    ReplyDelete
  3. මම නම් මේ කියන බයෝ ප්‍රින්ටින් ක්‍රමය ගැන අහලම නෑ.
    ගොඩක් ස්තුතියි මේ ගැන කියලා දුන්නට. අනාගතේදි මේ ක්‍රම ලෝකය පුරාම ජනප්‍රිය වේවි කියලා හිතනවා.

    කොහොමින් කොහොමහරි වෛද්‍ය විද්‍යාව දියුණු වෙනව කියලා කියන්නේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වේ උසස් වෙනවා කියන එකනේ !!!1

    ReplyDelete
  4. @මධුරංග
    අන්තිම වාක්කයට නම් එකඟ නෑ ඕන්... සමහර බෙහෙත් වර්ග කියන්නෙ තවත් ලෙඩ ගොඩවල්මනේ...

    ReplyDelete